3 laws I follow to survive in corporate world
3 laws I follow to survive in corporate world කලාකරුවෙක් ය , නවකතාකරුවෙක් ය , රචකයෙක් ය , කිය කියා මොන බයිලා ගැහුවාත් , ඒ කිසි දේකින් මට එදා වේල කාලා ඇඳලා ඉන්න පුලුවන් විදියේ ගානක් අද වෙනකල් ලැබිලා නෑ . මම ලියන කියන දේවල් වලට ලැබෙන ප්‍රතිචාරත් එක්ක බලද්දී , එහෙම දවසක් කවදාම හරි උදා වේවි කියලා හිතන්නත් අමාරුයි . අවසානෙට ලියපු නවකතාව එළියට දාගන්න කාපු කට්ට දන්නේ මම විතරයි . අවසානේ , පාවිච්චි කරපු ෆෝන් එකත් විකුණලා තමයි පොත අච්චු ගහන්න සල්ලි දුන්නේ . එච්චර කරලාත් , බෙරේ පළුවකුත් නෑ , නටපු නැටුමකුත් නෑ කියල මට තේරෙන්න , ඒ පොතේ විකිණිලා තිබුණේ පිටපත් සීයක් ද කොහෙද . විකුණුන ගාන නම් හරියටම දන්නෑ , මොකද ප්‍රකාශ සමාගමට පනස්දාහක් ගෙවන්න තියෙන හින්දා , මම ඌත් එක්ක වැඩි කතාවට යන්නෑ . කොහොම හරි කෙටියෙන් කිව්වොත් අවුරුද්දක් විතර ඔට්ටු වෙලා ලියලා , අතේ තියෙන හැම සතයක්ම දීලා එළිදැක්වූවාට ඒ පොතෙන් මට සත පහක් ලැබුණේ නෑ . රස්සාවක් තිබුණේ නැත්නම් ගිය අවුරුද්දේ සැප්තැම්බර් පොත් ප්...