Intro, wal katha හා නූතන නවකතාව
දහයේ, එකොළහේ පන්ති වල ඉන්න කාලේ මට තිබුනේ alcatel ෆෝන් එකක්. අපේ තාත්තාට කවුදෝ මන්දා යාළුවෙක් තෑගි දුන්න එකක්. ඒක මට ඒ කාලේ රත්තරන් වගේ. ෆෝන් එකට වෙල්වට් කවරයක් දාලා, ඒක පහේ ඉටි කවරෙකටත් දාලා නමලා, ලාච්චුවට දාලා ලොක් කරලා, මැණිකක් වගේ ඒක රැක්කේ. යාළුවන්ට එහෙම අල්ලන්නවත් දෙන්නෑ.
ඒ දවස් වල ඉස්කෝලේ ඇරිලා ආව ගමන් මගේ වැඩේම ඕක ඔබන එක. එක සැරයක් charge කරාම ඉතින් සතියකට ඇති. මට මතක විදියට ඕකේ ස්පීකර් හයක්ද කොහෙදෝ තිබුණා. කන් දෙක පැලෙන්න සද්දෙ. රේඩියෝ අහන්න ඇන්ටනාවක් එහෙමත් තිබුණා. touch Screen එකට අමතරව keypad එකත් තිබුණ හින්දා පාවිච්චියටත් හරි ලේසියි. හැබැයි වැඩකෑලි ඔක්කොම තිබ්බාට ෆෝන් එකේ එක අවුලක් තිබුණා. ඒකේ 3G තිබුනේ නෑ, 2G විතරයි. MP3 සින්දුවක් එහෙම download කරගන්න පැයක් විතර යනවා.
අද වගේ internet එක ජීවිතේම වෙලා නොතිබුණ ඒ කාලේ මට, 3G වල මහලොකු උවමනාවක් තිබුනේ නෑ. මට තිබුණ එකම අප්සෙට් එක porn sites වලට යන්න බැරිකම. Site එක ඕපන් වෙන්නම විනාඩි හතලිහක් විතර යනවා. අමාරුවෙන් ඕපන් කරගත්තාත් වැඩක් නෑ, videos නම් load වෙන්නෙම නෑ. පන්තියේ කොල්ලෝ, උන් ගෙදරදි බලපුවා පහුවදා ඉස්කෝලෙදි රස කර කර කියද්දි, මගේ ඇඟේ මාළු නටනවා.
යාළුවෝ download ගත්ත ඒවා chip එකට bluetooth කරගෙන බැලුවත්, ටික දවසක් යද්දී එකම සෙට් එක බලන එක එපා වෙලා යනවා. අනික හැමදාම උන්ට වැඳ වැඳා videos ඉල්ල ගන්න එකත් මගේ ego එකට හරි නෑ කියලා මට හිතුනා. ඒ වැඩේටම අලුත් ෆෝන් එකක් ගන්න තරම් ආර්ථික තත්වයක් මට තිබුනෙත් නෑ.
ඔහොම වැලේ වැල් නැතුව ඉන්නකොට තමයි මට 'sinhala wal katha’ කියන සාහිත්‍ය ප්‍රභේදය හම්බවුනේ.
"නිකමට google එකේ search කරපංකෝ..... Sinhala wal katha හරි wela katha හරි කියලා.....අම්මාට හුඩු.... මරු ඒවා එන්නේ හොඳේ......"
මට ඕක හදුන්වලා දුන්න අපේ පන්තියේ කවිශ්කයා කිව්වේ ඔහොම. ඌ හරි, මරු ඒවා තමයි තිබුණේ. හැම කැටගරියකම වගේ stories තියෙනවා. Search කරද්දි තමන්ට අවශ්‍ය category එක නම් කරාම එකට ගැලපෙන කතා පොකුරු පිටින් එනවා. උදාහරණයක් විදියට 'eha gedara auntie sinhala wal katha’ කියලා search කරෝතින් එහා ගෙදර නැන්දා සම්බන්ධ කතා ඕනෑ තරම් තියෙනවා.
කතාවක් දෙකක් කියවපුවාම තේරුම් ගන්න පුලුවන් ඒවා ලියපු එවුන් නම් නොම්බර එකේ අසහනකාරයෝ කියලා. ඒත් තමන් මහ ලොකු නවකතාකරුවෙක් ය, රචකයෙක් ය, තිර පිටයත් රචකයෙක් ය කියාගන්නා නම ගිය රචකයන්ට වැඩියෙන් උන් හරි නිර්මාණශීලියි. උන්ගේ imagination එක්ක සසඳන්න පුලුවන් මට්ටමේ නවකතාවක්, කෙටිකතාවක් මැතක නම් මට කියවන්න ලැබිලාම නෑ.
"Talent can come from anywhere."
ඔය පාඨය කලින් අහලා තිබුනත්, පළවෙනි වතාවට ප්‍රායෝගික උදාහරණයක් දැක්කේ වල් කතා ලියපු එවුන්ගෙන්.
ඒ කාලේ ඔය කතා දාපු ප්‍රසිද්ධ site එකක් තිබුනා, walkatha.blogspot කියලා. ඒකෙන් තමයි මම මුලින්ම blogs ගැන දැනගත්තේ. මම ඒ blog එක අවසානෙට කියවන්න ඇත්තේ, දැනට අවුරුදු දහයකට විතර උඩදි. අවුරුදු දහයකට පස්සෙ අද දවසේ මම blog එකක් හදාගන්න හේතුව නම් 'wal katha' එළිදක්වන්න නෙවෙයි.
ශ්‍රී ජයතිලක වන මම මේ අවස්ථාව වෙනකොට වෘත්තීමය වශයෙන් අසාර්ථක නවකතාකරුවෙක්. සිංහලින් ලියන්න පටන් අරගෙන දැන් අවුරුදු දෙක තුනක් වුණත් තවම මට publish කරගන්න පුලුවන් වෙලා තියෙන්නේ නම් එක නවකතාවක් විතරයි. ඒකේ නම 'ප්‍රභන්ධ සම්බන්ධ’. ටිකක් විතර සංකීර්ණ භාශාවෙන් ලියපු හරි සරල කතාවක්. 'ප්‍රසන්න, මට සමාවෙයන්' කියන මගේ කෙටිකතා සංග්‍රහයක් ලබන මාසයේ, ඒ කියන්නේ පෙබරවාරි වලදී එළිදැක්වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒකේ අන්තර්ගතය නිසාම ඒක නම් බොහෝ දුරට වැඩිහිටියන්ට වඩාත් යොග්‍ය වේවී.
හරි දැන් මම blogger ගැන මුලින්ම දැන ගත්ත විදියයි, මම කවුද කියන කාරණාවයි කිව්වානේ, දැන් ඉතුරු මේ blog එක මොකක්ද කියන කාරණාව.
මුලදී මගේ writing style එක පරණ ලිඛිත භාශාවට සමාන එකක් වුණත්, මැතකදී ඉඳන් ඒක ඕනෑම බුද්ධි, දැනුම් මට්ටමක ඉන්නා එකෙකුට තේරෙණ, තරමක් අසංවර, අපි එදිනෙදා කතාකරන භාශාවට ලඟින් යන ශෛලියකට මාරු කරවගන්න මම උත්සාහ කරන ගමන් ඉන්නේ. ඒකට ලොකුම හේතුව, මම විස්වාස කරනවා සිංහල නවකතා සාහිත්‍යය රඳාපවතින්න නම්, ඒක අපේ හා අපෙන් පහළ පරම්පරාවන් වල තරුණ තරුණියන් අතරට යන්න ඕනෑ. ඒක එහෙම වෙන්න නම් නවකතාවේ අනිතර්ගතය, කියවන හාදයාට relatable වෙන්න ඕනෑ, ඒක ඌට තේරුම්ගන්න පුළුවන් විදියට ලියවිලා තියෙන්න ඕනෑ.
ඒ කාරණාව ඉටුකරගන්න හදන උත්සාහයක් විදියට මේ blog එකෙ මම පළකරන්න හිතාගෙන ඉන්න fictional සහ none-fictional කතා, කියවන්නාට අදාළ කරගන්න පුලුවන් විදියට වගේම කියවන්න පහසු විදියට ලියන්න උපරිම උත්සාහ කරනවා.
මුලදී කිව්වා වගේ මම මේකේ 'wal katha' නොලිව්වාට, පොදු සමාජය සභ්‍යයි,විනයවත් කියලා හිතාගෙන ඉන්න මිම්මවල් ගැන මට ඒ තරම් පැහැදිලි අදහසක් නැති හින්දා, blog එක කොච්චර කාලයක් කරගෙන යන්න පුළුවන් වෙයිද නම් දන්නෑ.
ඉතින් මොකක්ම නොවැදගත්, වල්පල් කතාවක් සමඟ ළඟදීම හමුවෙමු. එතකල් ඔබට ජය!
Note- සෝදුපත් කියා දෙවරක් කියවාවත් නොබැලීම හේතුවෙන් typing mistakes තිබුණා නම් සමාව ඉල්ලාසිටිමි.
%20(100%20x%2030%20cm)%20(1).png)
Comments
Post a Comment