Urban, Toxic කවි කතා 05- උඹ කොහෙද?
- මචං උඹ කොහෙද?
+ kandy බන්
- අම්මට kandy කොල්ලෙක්නේ…kandy වල කොහෙද?
+ දර්මරාජේ ඉස්කෝලේ ගියේ බං. Class of 2017
- එතකොට ගෙවල්?
+ ගෙවල් වලට නං පෝඩ්ඩක් මාතලේ පාරේ යන්ඩ ඕන
- අකුරණ හරියෙද?
- කොහෙද......හෙට්ටිපොළ හරියේ?
+ නෑ…. තව යන්ඩ ඕන....දඹුල්ල දන්නවද?
- අහ් දඹුල්ලේද එතකොට?
+ ඔව් බං දඹුල්ලේ පොළොන්නරු පාරේ ඉන්නේ
- ඉනාමළුව පැත්තේ ද?
+ ඔව්…ඔව්…. ඊට පොඩ්ඩක් එහා
- එතකොට උබ හඹරණ ද?
+ ඔව් බං
- ඉතින් ඕයි…. හඹරණ කියලා කිව්වනං ඉවරයිනේ, වටේ යවන්නැතුව. ඉපදුන තැන කියන්ඩ ලැජ්ජා වෙන්න ඕන වැයි.
+ sorry බන්......එතකොට උබ කොහෙද?
- මං කුරුණෑගල බං
+ town එකේමද?
- නෑ..... නෑ දඹුලු පාරේ පොඩ්ඩක් ඇතුලට යන්ඩ ඕන
- නෑ...නෑ...ඊට ටිකක් එහා බොස්......
+ ඉබ්බාගමුවේ?......
- මේ...මේ..... දඹුලු පාරේ කිව්වට.....දඹුල්ල චූට්ටක් පාස් කරගෙන යන්න ඕන.......
+ ඈ........අප්පපට සිරි! ඉනාමලුව දිහාද!
- හී....හී.....ඊටත් චූට්ටක් විතර එහා බං.......
Comments
Post a Comment