Urban, Toxic කවි කතා 01- දෝණි
දෝණී
‘චූටි දෝණි’ගේ දැන් කොහෙවත් චූටි නැත
රොන් විඳි බඹරු කිසිවෙකුවත් රැඳී නැත
සුවඳ බැලු නමුත් මා නං ඇන්නෙ නැත
නැව් ගිය පාරෙ ඔරු පැදලා වැඩක් නැත
දැක විට මතක් උනෙ මා හට මඩ වලකි
දෝංකාර දෙන කලුවර බිං ගෙයකි
තඩි නයි ගිය හුඹහේ හූණාට යා නොහැකි
බෝක්කුවෙන් පොල්ලෙල්ලක් ගියා සකි
පොඩි වරදක් සිදු වූ බව කියනු එපා
බයිසිකලෙන් වැටුනා යැයි කියනු එපා
ඔය බොරු බයිලා මට නම් යලි කියනු එපා
හතුරෙකුටවත් දෝණිව මුණගැසෙනු එපා
Comments
Post a Comment